ඉටිපන්දම් මිල සීඝ්රයෙන් ඉහළ ගොස් ඇති බැවින් වෙළෙඳපොළේ ඉටිපන්දම් හිඟයක් මතුව ඇතැයි පාරිභෝගිකයෝ පවසති.
කුඩා ඉටිපන්දම් රුපියල් 20 කට සහ මධ්‍යම ප්‍රමාණයේ ඉටිපන්දම් රුපියල් 30 කට අලෙවි කෙරේ. එසේම විශාල ඉටිපන්දමක් රුපියල් 100 කට අලෙවි වේ.
මෙවර වෙසක් සමයේ ඉටිපන්දම් සඳහා ඉහළ ඉල්ලුමක් පවතින බැවින් වෙළෙඳුන් වැඩි මිලට ඉටිපන්දම් අලෙවි කරන බවට ජනතාව චෝදනා කරති.
මේ අතර නිෂ්පාදන පිරිවැය ඉහළ යාම හේතුවෙන් ඉටිපන්දම් මිල ඉහළ දැමීමට තමන්ට සිදුව ඇති බව ඉටිපන්දම් නිෂ්පාදකයෝ පවසති