විශ්වවිද්‍යාල ආචාර්යවරුන් විසින් කෘෂිකර්ම ක්ෂේත්‍රයේ ව්‍යාපෘති සඳහා යෝජනා

Spread the love

ශ්‍රී ලංකාවේ මෑත කාලීන ආර්ථික හා ආහාර සැපයුම් ගැටලු සැලකිල්ලට ගනිමින් විශ්වවිද්‍යාල තුනක කෘෂිකාර්මික මහාචාර්ය මණ්ඩලයක් අනාගත කෘෂිකාර්මික සංවර්ධනය සහ ආහාර සුරක්ෂිතතාව සඳහා යෝජනාවක් සකස් කර ඇත.

ඒ අනුව එම යෝජනා ලැයිස්තුව සකස් කරන කමිටුවට පේරාදෙණිය විශ්වවිද්‍යාලය, රුහුණු විශ්වවිද්‍යාලය සහ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය නියෝජනය කරමින් මහාචාර්යවරුන් 10 දෙනෙකුගෙන් යුත් මණ්ඩලයක් ඇතුළත් වනු ඇත.

කෙටි කාලීන, මධ්‍ය කාලීන සහ දිගු කාලීන වශයෙන් කාණ්ඩ තුනක් යටතේ කෘෂිකාර්මික කටයුතු සහ ආහාර සුරක්ෂිතතාව ප්‍රවර්ධනය කිරීම මෙම යෝජනාවල අරමුණයි.

ඉදිරියේදී ශ්‍රී ලංකාව මුහුණ දෙන ආහාර අර්බුදයට පිළියම් යෙදීම සඳහා මායි යෝජනා කඩිනමින් ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාව මෙම උත්සවය අමතමින් මහාචාර්යවරු අවධාරණය කළහ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *