.
රජයට එරෙහිව සාමකාමීව විරෝධතාවයේ නිරත වන තරුණ තරුණියන්ට නොමිලේ බස් රථ ලබාදීමට පියවර ගන්නා බව ශ්‍රී ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය ප්‍රකාශ කළා.
කොළඹ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් එහි සභාපති ගැමුණු විජේරත්න කියා සිටියේ සාමකාමීව විරෝධතාවයේ නිරත වන තරුණ තරුණියන්ට දිවයිනේ ඕනෑම ස්ථානයක සිට නොමිලේ බස් රථ ලබාදෙන ලෙස පෞද්ගලික බස් රථ හිමියන්ට උපදෙස් ලබාදී ඇති බවයි.
රජයට විරෝධය පළකරමින් ඉදිරියේදී පාර්ලිමේන්තු සංකීර්ණය අවට බස් රථ අවහිර කිරීමට ද එම සංගමය තීරණය කර තිබේ.
මේ අතර ශ්‍රී ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමය ප්‍රකාශ කර ඇත්තේ ලබන 6 වැනිදා පැවැත්වීමට නියමිත බාධක ප්‍රචාරක ව්‍යාපාරයට සහය දෙනවාද නැද්ද යන්න පිළිබඳව මෙතෙක් තීරණය කර නොමැති බවයි.