විදේශිකයින්ගේ පැමිණීම යළි සීමා කිරීමට පියවර

Spread the love

දිවයිනට පැමිණෙන විදේශිකයින් අතර කොවිඩ් – 19 රෝගීන් වාර්තාවීම ඉහළයාම හේතුවෙන්, මෙරටට පැමිණෙන විදේශිකයින් කළමණාකරණය කිරීමට සිදුවන බව වසංගත රෝග විද්‍යා අංශයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා පවසයි.

 1593 ක් විදෙස් රටවල සිට මෙරටට පැමිණ නිරෝධානයනය වෙමින් සිටිය දී හදුනාගත් රෝගීන් වෙනවා. ඒ අනුව විදෙස් රටවල සිට පැමිණි අය අතර, රෝගීන් වැඩිවීමක් අපට දැකගත හැකි වෙනවා. උදාහරණයක් ලෙස අප්‍රේල් මාසයේ මේ වන විට අප රට තුලින් හමු වූ රෝගීන් 3480 දෙනාගෙන් 538 ක්ම විදෙස් රටවල සිට පැමිණ නිරෝධායනය වෙමින් සිටි අයයි..

මෙවැනි තත්ත්වයක් තුල අප රට තුල යම් කිසි තත්ත්වයකින් සාධනීය තත්ත්වයක් අපි උදාකරගෙන කොවඩ්-19 රෝගය ව්‍යාප්තිය පාලනය කිරීම සදහා කටයුතු කරනවා. එම තත්ත්වය එම අයුරින්ම පවත්වාගෙන යාම සදහා වෛරසය සමාජය තුලට ඇතුලු වී ඇතිවිය හැකි හානිකාරි තත්ත්වය අවම කර ගැනීම සදහා අප රටට විදේශ රටවල සිට පැමිණෙන පිරිස් යමි කිසි විදියකින් සිමා කිරීමක්, පාලනය කිරිමක්, කිරිමට අපට සිදු වෙනවා.” යැයි විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා සදහන් කරයි

Leave a Reply

Your email address will not be published. Required fields are marked *