ජ්‍යෙෂ්ඨ යුද හමුදා නිලධාරියකු වන විකුම් ලියනගේ මහතා ලුතිනන් ජෙනරාල් නිලයට උසස් කර හෙට (ජුනි 01) දින යුද හමුදාපතිවරයා ලෙස වැඩ භාර ගැනීමට නියමිතය.
ලුතිනන් ජෙනරාල් විකුම් ලියනගේ 1986 ඔක්තෝබර් 27 වැනි දින කැඩෙට් නිලධාරියකු ලෙස ශ්‍රී ලංකා යුද හමුදාවට බැඳුණි.
ඔහු දියතලාව කීර්තිමත් ශ්‍රී ලංකා යුද හමුදා ඇකඩමියෙන් සහ පාකිස්තාන හමුදා ඇකඩමියෙන් මූලික හමුදා පුහුණුව ලබා ඇත.
මාතලේ, විජය විද්‍යාලයෙන් අධ්‍යාපනය හැදෑරූ විකුම් ලියනගේ මහතා 1986 ඔක්තෝබර් 27 වන දින කැඩෙට් නිලධාරියෙකු ලෙස ශ්‍රී ලංකා යුද හමුදාවට එක් විය. දියතලාව ශ්‍රී ලංකා හමුදා විද්‍යා පීඨයෙන් සහ පකිස්ථාන හමුදා ඇකඩමියෙන් මූලික හමුදා පුහුණුව ලබා ගත් විකුම් ලියනගේ මහතා දෙවන ලුතිතන්වරයෙකු ලෙස ගජබා රෙජිමේන්තුවට පත් කෙරිණ.
35වසරක කීර්තිමත් යුද හමුදා දිවිය තුළ 4 වන ගජබා රෙජිමේන්තුවේ ඛණ්ඩ භාර නිලධාරී, කණ්ඩායම් භාර නිලධාරී අණ දෙන, අණ දෙන නිලධාරී, බලසේනා, සේනාංක, ආරක්ෂක සේනා අණදීමේ තනතුරු ඇතුළු මාණ්ඩලික සහ උපදේශක පත්වීම් ගණනාවක් දරා ඇති විකුම් ලියනගේ මහතා ඇමරිකාව, ඉන්දියාව, පකිස්ථානය, ඉන්දුනීසියාව ඇතුළු රටවල් කිහිපයක ආරක්ෂක සහ වෘත්තීය පුහුණු පාඨමාලා හදාරා ඇත.
මානුෂීය මෙහෙයුමේදී 57 සහ 56 සේනාංකවල 8 වන ගජබා රෙජිමේන්තුවේ අණ දෙන නිලධරයා ලෙස කටයුතු කළ ලියනගේ මහතා එල්ටීටීඊ ත්රස්තවාදයට එරෙහිව ජයග්‍රහණ රැසක් ලබා දීමට සමත් වූවෙකි. රණවික්‍රම, රණශූර පදක්කම්, නැගෙනහිර මානුෂීය මෙහෙයුම් පදක්කම, උතුරු හා නැගෙනහිර මෙහෙයුම් පදක්කම ඇතුළු පදක්කම් රැසක් හිමි කර ගෙන ඇත.