වයස අවුරුදු 102 දී මිය යන තුරුම සේවය කළ කැනේඩියානු වෛද්‍යවරයකු අභාවප්‍රාප්ත වී තිබේ

Spread the love

කැනඩාවේ ඔන්ටාරියෝ ප්‍රාන්තයේ සේවය කළ චාල්ස් කෝට්බිරි නම් වෛද්‍යවරයා මෙලෙස මිය ගොස් ඇත. ඔහු සිය 102 වැනි උපන්දිනයට දින කිහිපයකට පෙර ජූලි 24 වැනිදා අභාවප්‍රාප්ත විය.

කොඩ්පිරි උතුරු ඇමරිකාවේ දීර්ඝතම කාලයක් සේවය කළ වෛද්‍යවරයකු ලෙස පිළිගැනේ.

ඔහුගේ පුත් මාර්ක් කොට්බිරි පවසන පරිදි, 1953 දී ටොරොන්ටෝ විශ්ව විද්‍යාලයෙන් වෛද්‍ය උපාධිය ලබා ගත් වෛද්‍ය කොට්බිරි වයස අවුරුදු 102 දක්වා ක්‍රියාකාරීව වෛද්‍ය සේවාවන් ලබා දුන්නේය.

වයස අවුරුදු 102 දක්වා ඔහු ටොරොන්ටෝ හි සමහර වෛද්‍ය ප්‍රතිකාර මධ්‍යස්ථානවල සතියේ දින හතරක් සේවය කරමින් සිටි බව වාර්තා වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *