ලෝක සෞඛ්‍ය සංවිධානයේ සහ යුනිසෙෆ් අරමුදල මගින් කොවැක්ස් පහසුකම යටතේ ශ‍්‍රී ලංකාවට පිරිනමන ඔක්ස්ෆර්ඞ් ඇස්ට‍්‍රාසෙනිකා කොවිෂීල්ඞ් එන්නත්

Spread the love

ලෝක සෞඛ්‍ය සංවිධානයේ සහ යුනිසෙෆ් අරමුදල මගින් කොවැක්ස් පහසුකම යටතේ ශ‍්‍රී ලංකාවට පිරිනමන පළමු එන්නත් තොගය ලෙස ඔක්ස්ෆර්ඞ් ඇස්ට‍්‍රාසෙනිකා කොවිෂීල්ඞ් එන්නත් 264,000 ක් ඊයේ (07දා* අලූයම කටුනායක ගුවන් තොටුපළ වෙත එමිරේට්ස් ගුවන් සේවයේ භාණ්ඩ ප‍්‍රවාහන ගුවන් යානයක් මගින් රැුගෙන පැමිණියේය.

මෙම එන්නත් ඉන්දියාවේ මුම්බායි හි සීරම් ඖෂධ නිෂ්පාදන කර්මාන්තශාලාවේ නිපදවා ඇති අතර මෙම එන්නත් තොගය ඉන්දියාවේ මුම්බායි සිට ඩුබායි වෙත රැුගෙන ගොස් යළි ඩුබායි සිට මෙසේ කටුනායක ගුවන් තොටුපළ වෙත එවා තිබුණි.

මෙම එන්නත් තොගය රැුගත් එමිරේට්ස් ගුවන් සේවයේ ඊ. කේ. – 2528 දරන භාණ්ඩ ප‍්‍රවාහන ගුවන් යානය ඊයේ අලූයම 12.15 ට කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණියේය.

ගුවන් යානයේ ශීතකරණ තුළ අසුරා තිබූ එන්නත් තොගය, ගුවන් යානයෙන් ගොඩ බෑමෙන් පසුව කටුනායක ගුවන් තොටුපළ ආනයන ගුවන් භාණ්ඩ ගබඩාවේ ශීතාගාර තුළ තැන්පත් කිරීම සිදු විය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *