ඉන්ධන හිඟයක් හේතුවෙන් කොළඹ කෙරවලපිටිය තාප විදුලි බලාගාරයේ විදුලි උත්පාදනය අත්හිටුවා තිබේ.
මෙම තත්ත්වය හේතුවෙන් විදුලි කප්පාදුව දීර්ඝ වීමට ඉඩ ඇති බව ලංකා විදුලිබල මණ්ඩල ආරංචි මාර්ග පවසයි.
සප්පුගස්කන්ද තෙල් පිරිපහදුව වසා දැමීමත් සමඟ විදුලි ජනනයට අවශ්‍ය ඉන්ධන සැපයීමේ අර්බුදයක් මතුව තිබේ.
ජලවිදුලි බලාගාර ආශ්‍රිත ජලාශවල ජල මට්ටම පහත යමින් පවතින බැවින් ලබන සතියේ පැය 10ක කාලයක් විදුලි කප්පාදුව ක්‍රියාත්මක කරන බව විදුලිබල මණ්ඩල ආරංචි මාර්ග සඳහන් කළේය.
මේ අතර පවතින කාලගුණික තත්ත්වය අයහපත් වුවහොත් එළඹෙන නව වසරේ දෛනික විදුලිය ඇනහිටීම් තවත් ඉහළ යාමට සිදුවන බව විදුලි ඉංජිනේරුවන් අනතුරු අඟවනවා.
ජාතික විදුලිබල ව්‍යුහයට විශාල දායකත්වයක් සපයන ජල විදුලි බලාගාර ආශ්‍රිත ප්‍රධාන ජලාශවල ජල මට්ටම ශීඝ්‍රයෙන් පහත වැටීම හේතුවෙන් මෙම තත්ත්වය උද්ගත වී ඇත.
තත්ත්වය නරක අතට හැරුණහොත් දෛනික විදුලි සැපයුමට ද දැඩි බලපෑමක් එල්ල වනු ඇති බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.
පවතින අර්බුද හමුවේ ප්‍රධාන තාප බලාගාර ද විටින් විට අක්‍රිය වෙමින් පවතින බැවින් දෛනික විදුලිය ඇනහිටීම වැඩි වන බව ද ඔවුහු පෙන්වා දෙති.
ජලවිදුලි බලාගාරවල විදුලි උත්පාදනය අඩු වුවද, තාප බලාගාරවලින් විදුලිය ලබා ගැනීම සඳහා නියමිත වේලාවට ඉන්ධන හෝ ගල් අඟුරු ලබා දෙන ලෙස විදුලිබල මණ්ඩලය දැනටමත් බලධාරීන්ට දන්වා තිබීම විශේෂත්වයකි.