මහජනතාව පාර්ලිමේන්තුව වටලනු නොලබන ලෙස ආරක්ෂාව සපයා හමුදාව සිය රාජකාරිය නිසි ලෙස ඉටුකර ඇති බව ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා පැවසීය.
ඔහු මේ බව පැවසුවේ අද බෙලවත් අකුරේගොඩ පිහිටි යුද හමුදා මූලස්ථානයට පැමිණි අවස්ථාවේදීය.
ඒ වගේම පාර්ලිමේන්තුවේ කටයුතු ඉදිරියට ගෙන යෑමත් සමඟම ජනතා විශ්වාසය දිනා ගැනීමේ වැඩපිළිවෙළ පාර්ලිමේන්තු මන්ත්රීවරුන් විසින්ම සිදු කළ යුතුයි.
අර්බුදකාරී තත්ත්වයෙන් රට ගොඩගැනීමත් සමඟම ලබන වසර අවසන් වන විට රට තුළ ස්ථාවරභාවයක් ඇති කිරීමට කටයුතු කළ යුතු බවද ඔහු සඳහන් කළේය