රුසියාවේ ප්‍රමුඛ ධනවතෙකු වන අන්ද්‍රේ මෙල්නිචෙන්කෝ කොළඹ වරාය නගරයේ සංචාරයක

Spread the love

ලෝක මට්ටමේ ධනවත් ව්‍යාපාරිකයෙකු ලෙස සැලකෙන රුසියානු ජාතික අන්ද්‍රේ මෙල්නිචෙන්කෝ මහතා පසුගිය බදාදා (මාර්තු 17) දිනයේ කොළඹ වරාය නගරයේ සංචාරයක නිරත විය. 

කොළඹ වරාය නගර ව්‍යාපෘතිය වෙත පැමිණි මෙල්නිචෙන්කෝ මහතා ඇතුළු පිරිස එම සමාගමේ සහකාර කළමනාකාර අධ්‍යක්ෂවරුන් වන Yue Yeqing සහ තුල්සි අලුවිහාරේ යන මහත්වරුන් සහ අධ්‍යක්ෂ (විකුණුම් හා අලෙවි) යමුනා ජයරත්න මහත්මිය විසින් සාදරයෙන් පිළිගන්නා ලදි.

මෙම වසර ආරම්භයේ සිට මේ දක්වා කොළඹ වරාය නගරය ලොව ප්‍රමුඛ පෙළේ ආයෝජකයන් කිහිප දෙනෙකුගේ අවධානය දිනාගැනීමට සමත් වූ අතර, ඒ අනුව ශ්‍රී ලංකාව නැවත වරක් අනාගත ආයෝජනයන් සඳහා විශ්වාසනීය ස්ථානයක් ලෙස ජාත්‍යන්තර පිළිගැනීමට ලක්වෙමින් පවතින බව පෙනී යයි.

ශ්‍රී ලංකා රජය නුදුරේදී කොළඹ වරාය නගර ව්‍යාපෘතියට බලපැවැත්වෙන විශේෂ ආර්ථික කලාප නීතිය හඳුන්වා දීමට කටයුතු කරනු ඇතැයි අපේක්ෂා කෙරෙන අතර, එම පියවර මගින් ශ්‍රී ලංකාවට වැඩි වැඩියෙන් සෘජු විදේශ ආයෝජන ආකර්ෂණය කරගැනීමට හැකිවනු ඇතැයි විශ්වාසය පළ කෙරේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *