දෙවැනි එළිසබෙත් මහ රැජිනගේ අවමංගල්‍ය උත්සවයට සහභාගි වීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද පෙරවරුවේ එංගලන්තය බලා පිටත්ව ගොස් තිබේ.
අද (17) අලුයම 3.15 ට පමණ එමිරේට්ස් ගුවන් සේවයට අයත් ගුවන් යානයකින් ඩුබායි බලා යාමට නියමිතව තිබූ ජනාධිපතිවරයා ඇතුළු පිරිසක් දිවයිනෙන් පිටත්ව ගොස් ඇති අතර පසුව ඔවුන් ලන්ඩනය බලා යාමට නියමිත බව වාර්තා වේ.
ජනාධිපති ධූරයට පත්වීමෙන් පසු රනිල් වික්‍රමසිංහ මහතාගේ පළමු විදෙස් සංචාරය ද මෙය වේ.
දෙවන එලිසබෙත් රැජිනගේ රාජ්‍ය දේහය පිළිබඳ අවසන් කටයුතු සැප්තැම්බර් 19 වැනි සඳුදා වෙස්ට්මිනිස්ටර් ඇබේහිදී සිදු කෙරේ.
වසර 70කට පසු සැප්තැම්බර් 08 වැනිදා අභාවප්‍රාප්ත වූ බ්‍රිතාන්‍ය එලිසබෙත් මහ රැජිනගේ අවමංගල්‍ය උත්සවයට සහභාගි වීමෙන් අනතුරුව ජනාධිපතිවරයා අඟහරුවාදා (20දා) දිවයිනට පැමිණීමට නියමිතය.