බන්ධනාගාරගතව සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා නිදහස් කිරීමට අදාළ සියලු ලිපි ලේඛන සකස් කර අවසන් බව ඉඩම් හා සංචාරක අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පවසයි.
මෙම ලේඛන මාලාව සඳහා නීතිපතිවරයාගේ තවත් එක් නිර්දේශයක් අවශ්‍ය බවත් එය ලැබුණු පසු රාමනායක හිටපු මන්ත්‍රීවරයා නිදහස් කිරීමේ ලිපියට ජනාධිපතිවරයා අත්සන් තබන බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.
මේ අනුව ඉදිරි දින කිහිපය තුළ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා ජනාධිපතිවරයාගේ පොදු සමාව යටතේ නිදහස් කිරීමට නියමිත බවද ඔහු වැඩිදුරටත් පැවසීය.