පවතින තත්ත්වය මත රජයේ සේවකයන්ට මේ මස නියමිත දිනට වැටුප් ලබාදීමේ ගැටලුවක් මතුවන බව ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරයකු ඊයේ (12) සිංහල මාධ්‍ය වෙත ප්‍රකාශ කළේය.
වැටුප් ගෙවීමට මුදල් මුද්‍රණය කර කැබිනට් තීරණයක් ගත යුතුයි.
පවතින තත්ත්වය මත කැබිනට් මණ්ඩල රැස්වීම කැඳවීමේ ගැටලුවක් පවතින බවත් එය මඟහැරීමට අවශ්‍ය වන්නේ දින කිහිපයක් ජනාධිපති ලෙස කටයුතු කරන රනිල් වික්‍රමසිංහ මහතා ලවා හදිසි කැබිනට් රැස්වීමක් කැඳවීම පමණක් බවත් අමාත්‍යවරයා පැවසීය.
හදිසි කැබිනට් රැස්වීමක් කැඳවන්නේ නැතිනම් ලබන 25 වැනිදා වැටුප් ගෙවීමට නොහැකි බවද ඔහු කියා සිටියේය.
කැබිනට් මණ්ඩලයේ තීරණය මුදල් මණ්ඩලයට යැව්වාට පස්සේ මුදල් මුද්‍රණය කරන්න නීත්‍යානුකූල තැනක් දෙනවා.
අතිකාල, නිවාඩු, ජීවන වියදම් ආදී සියලු දීමනා හැර වැටුපට පමණක් මසකට රුපියල් බිලියන විසි නවයක් පමණ අවශ්‍ය බව පැවසේ.