පසුගිය දින පහ තුළ රටපුරා සිදුවූ රිය අනතුරු 399 කින් මරණ 52 ක් වාර්තා වී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රොහානා මහතා පවසයි.
අපේ‍්‍රල් 13 වනදා උදේ 6 සිට ඊයේ පෙරවරු 6 දක්වා අනතුරු 399 ක් සිදුවී ඇති අතර මරණ 52 ක් සිදුවී 669 දෙනෙකු තුවාල ලබා ඇතැයි නියෝජ්‍ය පොලිස්පතිවරයා පැවසීය.
වැඩිම මරණ සංඛ්‍යාවක් සිදුව ඇත්තේ යතුරුපැදිකරුවන් සහ පදිකයින් අතර වන අතර, දින පහක් තුළ රිය අනතුරු සහ බීමතින් රිය පැදවීම සම්බන්ධයෙන් වාහන 2,242 ක් අත්අඩංගුවට ගෙන ඇති බව පැවසීය.
සෑම වසරකම අපේ‍්‍රල් 14-15 දිනවල ජාතික අලුත් අවුරුදු සමයේදී වැඩිම මාර්ග අනතුරු සංඛ්‍යාවක් වාර්තා වන්නේ ශ්‍රී ලංකාව බව ඔහු පැවසීය.