මාධ්‍ය නිදහස ශ්‍රේණිගත කිරීම්වල ශ්‍රී ලංකාව 146 වැනි ස්ථානයේ!

Spread the love

ලෝක මාධ්‍ය නිදහස ශ්‍රේණිගත කිරීම්වල ශ්‍රී ලංකාව ස්ථාන 19ක් පසුපසින් සිටී.
අඟහරුවාදා නිකුත් කළ වාර්තාවකට අනුව, ලෝක මාධ්‍ය නිදහස පිළිබඳ දර්ශකයේ ශ්‍රී ලංකාව 146 වැනි ස්ථානයට පත්ව ඇත.

ලෝකයේ රටවල් 180 ක් ශ්‍රේණිගත කර ඇති නෝර්වේ එම ලැයිස්තුවේ පළමු ස්ථානයේ සිටී.

දෙවැනි ස්ථානය ඩෙන්මාර්කයටත් තෙවැනි ස්ථානය ස්වීඩනයටත් හිමිවිය.

2021 දී ශ්‍රී ලංකාව ලෝක මාධ්‍ය නිදහස පිළිබඳ දර්ශකයේ 127 වැනි ස්ථානයට පත් විය. එය 2020 දී 127 වන ස්ථානයටත්, 2019 දී 126 වන ස්ථානයටත්, 2018 දී 131 වන ස්ථානයටත් පත් විය.

මෙවර ලෝක මාධ්‍ය දර්ශකයේ ඉන්දියාව 150 වැනි ස්ථානයටත්, බංග්ලාදේශය 162 වැනි ස්ථානයටත්, මියන්මාරය 176 වැනි ස්ථානයටත් පත්ව ඇත

Leave a Reply

Your email address will not be published. Required fields are marked *