මහින්ද අගමැතිකමෙන් ඉල්ලා අස්වීමට තීරණය කරයි

Spread the love

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අග්‍රාමාත්‍ය ධූරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර ඇති බව වාර්තා වේ.

ඒ අනුව ඔහු හෙට පාර්ලිමේන්තුව අමතා සිය ඉල්ලා අස්වීම ප්‍රකාශ කර විශේෂ ප්‍රකාශයක් නිකුත් කිරීමට නියමිතයි.

නව රජයක් පිහිටුවීම සඳහා අග්‍රාමාත්‍යවරුන්ගේ සහ ආගමික නායකයින්ගේ ඉල්ලීම මත ඔහු ඉල්ලා අස්වනු ඇතැයි අපේක්ෂා කෙරේ.

මේ සම්බන්ධයෙන් දැනටමත් රාජපක්ෂ පවුලේ සාමාජිකයින් දැනුවත් කර ඇති අතර ජනාධිපතිවරයා සහ රාජපක්ෂ පවුලේ සාමාජිකයින් ඊට එකඟත්වය පළ කර ඇති බවද පැවසේ.
මේ අතර අග්‍රාමාත්‍යවරයා ප්‍රමුඛ රජයට එරෙහි විශ්වාසභංග යෝජනාවක් විපක්ෂය විසින් හෙට ඉදිරිපත් කිරීමට නියමිතයි.

අග්‍රාමාත්‍යවරයා ඉල්ලා අස්වීමෙන් පසු නව අග්‍රාමාත්‍යවරයා යටතේ නව රජයක් පිහිටුවීම විශේෂත්වයක්.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *