දෙමළ – සිංහල අලුත් අවුරුද්දෙන් පසු ඉන්ධන අර්බුදය අවසන් වනු ඇත – අමාත්‍ය ගාමිණී ලොකුගේ

Spread the love

රටේ දැනට පවතින ඉන්ධන හිඟය එළඹෙන දෙමළ සිංහල අලුත් අවුරුද්දෙන් පසු අවසන් වනු ඇතැයි බලශක්ති අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා පැවසීය.ඒ වන විට මෙරට තෙල් පිරිපහදුවලට අවශ්‍ය ලිහිසි තෙල් තිබෙන බවත් තාප බලාගාරවල විදුලිය උත්පාදනය කිරීමේ ගැටලුවක් ඇති නොවන බවත් ඔහු පැවසීය.

අමාත්‍යවරයා මේ බව කියා සිටියේ කොළඹ පැවති උත්සවයකට එක්වෙමින්.

කෙසේ වෙතත් අමාත්‍යවරයා මීට දින දෙකකට පෙර ප්‍රකාශ කර තිබුණේ දිවයින පුරා පිහිටි විවිධ ඉන්ධන පිරවුම්හල් වෙත ඉන්ධන පිරවූ බවුසර් යළි පැමිණෙමින් පවතින බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *