වහාම ක්‍රියාත්මක වන පරිදි දුම්රිය ගාස්තු ඉහළ දැමීමට දුම්රිය දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ.
නව ගාස්තු සංශෝධනයට අනුව තුන්වන පන්තියේ අවම දුම්රිය ගාස්තුව රුපියල් 20 දක්වා ඉහළ දමා තිබෙනවා. එසේම වේදිකා ටිකට් ගාස්තුව රු. 20 දක්වා වැඩි කර ඇත.
නව දුම්රිය ගාස්තු සංශෝධිත බස් ගාස්තුවෙන් අඩක් වනු ඇති බව ද දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළා.
ගාස්තු සංශෝධනයට අදාළ ගැසට් නිවේදනය ද ප්‍රකාශයට පත් කර ඇති අතර මගී ප්‍රවාහනය සහ භාණ්ඩ ප්‍රවාහනය සඳහා වන දුම්රිය ගාස්තු ද සංශෝධනය කර තිබෙනවා.
නව ගාස්තු හෙට (ජුලි 22) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වේ.