ඉන්ධන හිඟය හේතුවෙන් පසුගිය සති 2-3 ක කාලය තුළ සියලුම පාසල් වසා දමා තිබූ අතර, අධ්‍යාපන අමාත්‍යාංශය නිල වශයෙන් නිවේදනය කළේ හෙට (ජුලි 25) සියලුම පාසල් යළි විවෘත කරන බවයි.
මේ අතර ඉන්ධන හිඟය සහ රථවාහන දුෂ්කරතා හේතුවෙන් දිවයිනේ සියලුම රජයේ පාසල් සඳුදා, අඟහරුවාදා සහ බ්‍රහස්පතින්දා දිනවල පාසල්වල පවත්වන ලෙසත්, ඉතිරි දින 2 නිවෙස්වලට ගොස් අන්තර්ජාලය හරහා පවත්වන ලෙසත් නිවේදනය කර ඇත.
නමුත් දකුණු පළාතේ සියලුම පාසල් සතියේ දින 5ම පැවැත්වීමට තීරණය කර ඇති බව දකුණු පළාත් ආණ්ඩුකාරවරයා වෙනුවෙන් ලිපියක් මගින් දකුණු පළාත් අධ්‍යාපන ලේකම්වරයා විදුහල්පතිවරුන්ට දන්වා සිටියේය