හෙට (22) සිට දෛනික විදුලි කප්පාදුවේ කාලය පැය 02 විනාඩි 20 දක්වා දීර්ඝ කරන ලෙස ලංකා විදුලිබල මණ්ඩලයේ ඉල්ලීම ප්‍රතික්ෂේප කළ බව ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව පවසයි.
මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා පැවසුවේ, විදුලිබල මණ්ඩලය නිසි හේතු සහිතව විදුලි කප්පාදුව දීර්ඝ කිරීම සාධාරණීකරණය කර නොමැති බැවින් හෙට සිට තවදුරටත් විදුලිය කප්පාදු කරන ලෙසට ලංවිම ඉල්ලීම ප්‍රතික්ෂේප කළ බවයි.
එබැවින් දැනට පවතින පැය 01 යි විනාඩි 20 ක විදුලි කප්පාදු කාලසටහන අඛණ්ඩව සිදු කිරීමට පමණක් අනුමැතිය ලබා දී ඇති බව ඔහු පැවසීය.