තේ මිල 100%කින් ඉහළ ගොස් ඇති බව කුඩා තේ වතු සංවර්ධන අධිකාරිය දැනුම් දී ඇත.
එහි සභාපති තුෂාර ප්‍රියදර්ශන කියා සිටියේ අමු තේ කිලෝග්‍රෑම් එකක මිල මේ වනවිට රුපියල් 260 ඉක්මවා ඇති බවයි.
මීට මාස කිහිපයකට පෙර තේ කුඩු කිලෝග්‍රෑමයක මිල රුපියල් 100 සිට රුපියල් 130 දක්වා ඉහළ ගිය නමුත් අමු තේ කිලෝග්‍රෑමයක මිල රුපියල් 260 ඉක්මවා ඇති බව ඔහු පැවසීය.
රුපියලට සාපේක්ෂව ඩොලරයේ අගය ඉහළ යාමේ වාසිය තේ ගොවීන්ට හිමිවී ඇති බවයි සභාපතිවරයා වැඩිදුරටත් කියා සිටියේ.