නව අගමැතිවරයකු, නව ආණ්ඩුවක්, නව මහ බැංකු අධිපතිවරයකු සමඟ ගනු ලැබූ ආර්ථික තීන්දු මඟින් රටේ දේශපාලන ස්ථාවරත්වයක් ඇති වේ යැයි යන විශ්වාසය හේතු කොට ගෙන ශ්රී ලංකා රුපියලේ අගය සහ කොළඹ කොටස් වෙළෙඳපොළ ඊයේ (17) ධනාත්මක වර්ධනයක් වාර්තා කළේය.
එක්සත් ජනපද ඩොලරයට ගෙවනු ලබන ශ්රී ලංකා රුපියලේ අගය මේ මස 12 වැනිදා විශාල ලෙස ඉහළ ගොස් ඇත. එදින ඩොලරයේ විකුණුම් මිල රුපියල් 377.50ක් ලෙස ශ්රී ලංකා මහ බැංකුව සඳහන් කළ අතර එහි ගැනුම් මිල රුපියල් 364.23ක් ලෙස දැක්විය. එවැනි ඉහළ මට්ටමක පැවති ඩොලරයේ විකුණුම් මිල ඊයේ (17) රුපියල් 364.73ක් සහ ගැනුම් මිල රුපියල් 354.70ක් විය. ඒ අනුව ගතවූ දින කිහිපය තුළ ඩොලරයට ගෙවූ රුපියලේ අගය දළ වශයෙන් රුපියල් 11ත් – 12ත් අතර ප්රමාණයකින් අඩු වී ඇත. මෙවැනි තත්ත්වයක් සමඟින් රුපියල ස්ථාවර වෙද්දී කොළඹ කොටස් වෙළෙඳපොළ සමස්ත මිල දර්ශකය සහ පිරිවැටුම ධනාත්මක වර්ධනයක් වාර්තා කොට තිබේ.