පවතින ආතතිය සහ ඩීසල් හිඟය හේතුවෙන් අද බස් ධාවනයට ද බලපෑම් එල්ල වී තිබෙනවා. මේ හේතුවෙන් අද දිනයේ ධාවනයට යොදවා ඇත්තේ සියයට 10ක් පමණක් බව ශ්‍රී ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති කෙමුණු විජේරත්න මහතා පවසයි.
මේ අතර, ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ බස් රථ 3000ක් පමණ අද ධාවනයට යොදවා ඇති බව වාර්තා වේ.
සාමාන්‍ය දිනක සභාව මගින් ධාවනය කෙරෙන බස් රථ සංඛ්‍යාව 5000ක් පමණ වේ. එහෙත් මගීන් සහ කාර්ය මණ්ඩලය අඩුවීම හේතුවෙන් අද දිනයේ බස් රථ 3000ක් පමණ ධාවනයට යොදවා ඇති බව ලංකා ගමනාගමන මණ්ඩලය දන්වා ඇත