ඩීසල් පටවාගත් නෞකාවක් අද (02) දිවයිනට පැමිණියා.
නෞකාවට රැගෙන ආ ඩීසල් ප්රමාණය මෙට්රික් ටොන් 40,000ක් බව වාර්තා වේ.
ඉන්දීය ණය මුදලක් මත මෙම නෞකාව ශ්රී ලංකාවට භාරදී ඇති බවයි වාර්තා වන්නේ.
ඒ අනුව අද පස්වරුවේ සිට දිවයින පුරා සෑම ප්රදේශයකටම මෙම ඩීසල් බෙදා හැරීමට පියවර ගන්නා බව ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපතිවරයා සඳහන් කළේය.
රට තුළ පවතින දැඩි ඉන්ධන හිඟය හේතුවෙන් දෛනික විදුලිය බිඳවැටීම පැය 10 ඉක්මවා ඇත.