ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ණයක් ඉල්ලන එක මෝඩ වැඩක් – වාසුදේව නානායක්කාර

Spread the love

මේ රටේ පවතින ආර්ථික අර්බුදයට විසඳුමක් ලෙස ජාත්‍යන්තර මුල්‍ය අරමුදලෙන් ණයක් ඉල්ලන ඕනෑම කෙනෙක් මෝඩයෙකු බව පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර මහතා පැවසීය.

1978 වසරේ සිට මේ දක්වා මෙරට ආර්ථිකය දෙස ආපසු හැරී බැලීමේදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදලින් රටට සිදුවී ඇති හානිය පැහැදිලි වන බවද ඔහු සඳහන් කළා.

තායිලන්තය, තායිවානය, දකුණු කොරියාව වැනි රටවල් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ලබාදුන් උපදෙස් ප්‍රතික්‍ෂේප කළේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මූලික අරමුණ අවබෝධ කරගත් නිසා බවද වාසුදේව නානායක්කාර මහතා පැවසීය.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාවේ ණය ලබාදීමේදී මූල්‍ය කොන්දේසි පනවනු ඇති බවත්, එමගින් රට විනාශ කිරීම තවදුරටත් සිදුවනු ඇති බවත් ඔහු පැවසීය.

එබැවින් එම අරමුදලින් ණය මුදලක් ලබා ගැනීමට තම පක්ෂය කිසිදු ආධාරයක් ලබා නොදෙන බවද ඔහු කියා සිටියේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *