ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු දූත පිරිස අද අලුයම මාලදිවයිනේ මාලේ අගනුවරට හමුදා ජෙට් යානයකින් ගිය බව වාර්තා වේ.
මේ අතර, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට අද (13) අලුයම ගුවන් යානයක් ලබා දී ඇති බව ශ්රී ලංකා ගුවන් හමුදාව දැනුම් දී තිබේ.
ඒ අනුව ජනාධිපතිවරයා සහ ඔහුගේ බිරිඳ ආරක්ෂකයින් දෙදෙනෙකු සමඟ මෙම ගුවන් යානයෙන් මාලදිවයින බලා පිටත්ව ගියා.
මාලදිවයිනේ සංචාරයක නිරත ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද සිංගප්පූරුවට ගොස් අද රාත්රියේ අබුඩාබි බලා යාමට තීරණය කර ඇති බවද වාර්තා වේ. සිය ජනාධිපති ධුරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය කථානායකවරයා වෙත යවා නොමැති ගෝඨාභය රාජපක්ෂ අද රාත්රියේ සිය ඉල්ලා අස්වීමේ ලිපිය යැවීමට නියමිත බව වාර්තා වේ.