ඌව පරණගම බෝඹුරු ඇල්ල ඇල්ලට බ්‍රහස්පතින්දා (16) පැමිණෙමින් සිටියදී ගංවතුරට හසුව අතරමං වූ තරුණයකු සහ පාසල් සිසුවියන් දෙදෙනකු ප්‍රදේශවාසීන්ගේ සහාය ඇතිව අඹගස්දෝව පොලිසිය විසින් බේරාගෙන ඇත.
තරුණයාගේ වයස අවුරුදු 18ක් වන අතර පාසල් දැරියන් දෙදෙනාගේ වයස අවුරුදු 15ක්.
මේ වන විට වැලිමඩ ප්‍රදේශයට අධික වර්ෂාපතනයක් පවතින අතර දිය ඇල්ලේ ජල මට්ටම ඉහළ ගොස් අවට ප්‍රදේශයට ගංවතුර තර්ජනයක් මතුව ඇති බව පොලිසිය පවසයි.
පස්වරුවේ ඇදහැලුණු අධික වර්ෂාවත් සමඟ මෙම තරුණයා සහ දැරියන් දෙදෙනා ඇල්ලේ දකුණු ඉවුරේ අතරමංව සිට ඇත.
කෙසේ වෙතත් 119 පොලිස් හදිසි ඇමතුම් අංශයෙන් ලද තොරතුරක් මත පොලිසිය ඔවුන් බේරා ගැනීමට පියවර ගෙන තිබුණි. පසුව පොලිසිය විසින් තරුණයා සහ දැරියන් දෙදෙනා ඔවුන්ගේ දෙමාපියන්ට භාරදී තිබෙනවා.
වාර්තාව K.Anitha විසිනි