කුකුළු මස් මිල ඉහළ යාමට ඉඩ ඇත

Spread the love

කුකුළු ආහාර මිල ඉහළ යාම හේතුවෙන් වෙළඳපොලේ කුකුළු මස් මිල ඉහළ යා හැකි බවට සමස්ත ලංකා කුකුළු ගොවි සංගමය අනතුරු අඟවා තිබෙනවා.

ඉංග්‍රීසි මාධ්‍යයකට අදහස් දක්වමින් සංගමයේ සභාපති අජිත් ගුණසේකර කියා සිටියේ ඩොලර් හිඟය සහ වත්මන් ආර්ථික අර්බුදය හේතුවෙන් නිෂ්පාදකයින් දුෂ්කරතාවට පත්ව ඇති බවයි.

වැඩිවන වියදම් දරාගත නොහැකිව බොහෝ ගොවීන් ව්‍යාපාරයෙන් ඉවත්ව යන බවද ඔහු පැවසීය.

ගුණසේකර කියා සිටියේ බඩඉරිඟු මෙට්‍රික් ටොන් 1000ක් ඉන්දීය ණය හරහා ආනයනය කිරීමට බලධාරීන් සමඟ සාකච්ඡා කරමින් සිටින බවයි.

කුකුළු කර්මාන්තයේ නියැලී සිටින බොහෝ මහා පරිමාණ සමාගම් විදේශයන්හි තම මව් සමාගම්වලින් ණය හරහා ආනයනය කිරීමෙන් අමුද්‍රව්‍ය සැපයීම සම්පූර්ණ කරන බව ඔහු සඳහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *