කැනඩාවේ සිට චෙන්නායි ගිය ඊළාම් දෙමළ තරුණයෙක් ඝාතනයට ලක්වුණා

Spread the love

මහින්දන් දයාපරාජා නමැති 35 හැවිරිදි පුද්ගලයෙක් 2022.04.13 වැනි දින තම මව සමඟ කැනඩාවේ සිට චෙන්නායි බලා ගොස් ඇත්තේ චෙන්නායිහි ඉහළ මරුවතූර් ආදිපරාශක්ති කෝවිල වැඳපුදා ගැනීමටය.

මැල්මරුවතූර් ආදිපරාශක්ති සිද්ධාර් පීඨයේ ආගන්තුකාගාරයේ ලැගුම් ගෙන සිටි මෙම තරුණයා තේ මිලදී ගැනීමට හෝටලයෙන් පිටව ගිය අවස්ථාවේදී අතුරුදන්ව ඇත.

මැල්මරුවතූර් ප්‍රදේශයේදී අතුරුදන් වූ තරුණයා දින 3කට පසු ඉහළ මරුවතූර් සිට කිලෝමීටර් 40ක් දුරින් සොයා ගැනුණා. මැල්මරුවතූර් සිට චෙංගල්පත්තුවට තරුණයා රැගෙන ගියේ කවුරුන්ද යන්න මෙතෙක් අනාවරණය වී නොමැත.

තරුණයාගේ සිරුර කැනඩාවට රැගෙන යාමට මේ වන විට කටයුතු සූදානම් කරමින් පවතින බව ආරංචි මාර්ග පවසයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *