ඊයේ (09) දිවයින පුරා ඇති වූ ගැටුම්වලින් මේ වන විට පුද්ගලයින් 08 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වේ.
මියගිය අය අතර පොලිස් නිලධාරියෙක් ද වේ.
කඳුළු ගෑස් ප්රහාරයකින් 28 හැවිරිදි සහකාර පොලිස් පරීක්ෂකවරයෙකු මියගොස් තිබේ.
ඔහු රෝහල් ගත කර ඇති අතර පසුව ඔහු මිය ගිය බව රෝහල් ආරංචි මාර්ග පවසයි.
කොළඹ ගැටුමෙන් තුවාල ලැබූ තවත් අයෙකු හෘදයාබාධයක් හේතුවෙන් කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් තිබේ.
නිට්ටඹුව ප්රදේශයේදී පාර්ලිමේන්තු මන්ත්රී අමරකීර්ති අතුකෝරල සහ ඔහුගේ ආරක්ෂක නිලධාරියා සහ තරුණයෙකු වෙඩි තබා ඝාතනය කර තිබෙනවා.
මේ අතර වීරකැටිය ප්රාදේශීය සභාවේ සභාපතිවරයාගේ නිවස අසළ පැවති විරෝධතාවයක් අතරතුර වෙඩි තැබීමකින් පුද්ගලයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්වුණා. සිද්ධියෙන් 08 දෙනෙකු තුවාල ලබා ඇත.
ඉමදුව ප්රාදේශීය සභා නායක සරත් කුමාර ද ඔහුගේ නිවසට එල්ල වූ ප්රහාරයකින් මිය ගියේය.
මීට අමතරව කොළඹ ගැටුම්වලින් තුවාල ලැබූ 216 දෙනෙකු කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇති අතර ඉන් 5 දෙනෙකු දැඩි සත්කාර ඒකකයේ ප්රතිකාර ලබනවා.