ඉන්ධන පිරවුම්හල් 40 ක් වසා දමා ඇත

Spread the love

විවිධ කණ්ඩායම්වල විරෝධතා සහ නොසන්සුන්කාරී හැසිරීම් හේතුවෙන් ශ්‍රී ලංකාවේ ඉන්ධන පිරවුම්හල් 40 ක් වසා දමා ඇති බව ඛනිජ තෙල් බෙදාහරින්නන්ගේ සංගමය පවසයි.

එම සංගමයේ සම ලේකම් කපිල නවෝදුන්න මහතා පැවසුවේ, ඉන්ධන ලබා ගැනීම සඳහා ඉන්ධන පිරවුම්හල් සේවකයින්ට යම් යම් බලපෑම් එල්ල කරන බවට තොරතුරු වාර්තා වන බවයි.

ඒ අනුව මෙම ඉන්ධන පිරවුම්හල් සඳහා වන සියලුම ඉන්ධන ඇනවුම් අවලංගු කර ඇති බවද ඔහු වැඩිදුරටත් පැවසීය.
කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්කවලින් මෙවැනි බිය ගැන්වීම් සහ නොහික්මුණු හැසිරීම් පිළිබඳ වාර්තා මතුව තිබේ.

මේ අතර ඉන්ධන පිරවුම්හල් සේවකයන්ට පහරදීමේ සිද්ධීන් 5ක් වාර්තා වී ඇති බවද නවෝදුන්න මහතා වැඩිදුරටත් පැවසීය.

ඉන්ධන බෙදා හැරීමේ කටයුතු විධිමත්ව සිදුකිරීමට මහජනතාවගේ සහයෝගය නොලැබුණහොත් ඉදිරි දිනවලදී වසා දැමීමට නියමිත ඉන්ධන පිරවුම්හල් සංඛ්‍යාව ඉහළ යා හැකි බවද ඔහු අවධාරණය කළේය

Leave a Reply

Your email address will not be published. Required fields are marked *