ඉන්දියාවෙන් ලබාදුන් ණය මුදල මැයි මාසයේදී අවසන් වන බවත් තවම අලුත් ණයක් ලැබෙන බවක් පෙනෙන්නට නොමැති බවත් හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
එම නිසා රටේ ආර්ථික අර්බුදය තවත් උග්‍ර විය හැකි බවත්, සියලුම වෙළෙඳ මධ්‍යස්ථාන වසා දමන බවත් ඔහු පැවසීය.
එසේම පවතින ගැටලුවට විසඳුම් සෙවීමේ උත්සාහය කල් දැමීමේ හැකියාවක් නොමැති බවත්, මුදල් අධිකාරිය සමඟ සියලු දෙනාගේ අදහස් ලබාගෙන පාර්ලිමේන්තුව මීළඟ පියවර ගත යුතු බවත් ඔහු කියා සිටියේය.
වත්මන් තත්ත්වය පිළිබඳව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව කියා සිටියා.