ලංකා සතොස වෙත ආනයනය කරන ලද සහල් තොග පාරිභෝගිකයින්ට සහන සැලසීමේ අරමුණින් පමණක් සියලුම සුපිරි වෙළඳසැල් වෙත බෙදා හැරීමට වාණිජ අමාත්‍යාංශය තීරණය කර තිබේ.
ඒ අනුව ලබන සතියේ සිට අදාළ සහල් තොග සුපිරි වෙළෙඳසැල් හරහා පාරිභෝගිකයන් අතට පත් වනු ඇති.
වෙළඳ හා සමෘද්ධි සංවර්ධන අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා සහ සුපිරි වෙළඳසැල් ජාලයේ නියෝජිතයින් අතර ඊයේ (01) පැවති සාකච්ඡාවකින් අනතුරුව මෙම තීරණය ගෙන ඇත.
ඇතැම් සුපිරි වෙළෙඳසැල්වලින් පාරිභෝගිකයන්ට උපරිම වශයෙන් සහල් කිලෝ 5ක් මිලදී ගත හැකියි.
ඒ අනුව දේශීය සහල් කිලෝවක් රුපියල් 145 කට සහ සම්බා සහල් කිලෝවක් රුපියල් 175 කට ලබා ගත හැකියි.