අලුත් අවුරුද්ද අවසන් වනතුරු ගෑස් මිල වැඩි නොවේ: ලිට්‍රෝ ගෑස්

Spread the love

සිංහල දෙමළ අලුත් අවුරුද්ද අවසන් වනතුරු ලිට්‍රෝ ගෑස් මිල ඊයේ (22) ඉහළ නොදැමීමට එම සමාගම තීරණය කර ඇත.

ඊයේ ලිට්‍රෝ ගෑස් ආයතනයේ පැවති සාකච්ඡාවකදී මෙම තීරණය ගෙන ඇත.

මේ සතියේ ශ්‍රී ලංකාවට පැමිණි ගෑස් සඳහා ශ්‍රී ලංකා මහ බැංකුව ඊයේ (21) මුදල් ලබා දුන්නේය. මෙය ඇමෙරිකානු ඩොලර් මිලියන දහයකට වඩා වැඩිය. ඒ අනුව ගෑස් මෙට්‍රික් ටොන් 3500ක් ගොඩබෑමේ කටයුතු ඊයේ (22) ආරම්භ විය. ලිට්‍රෝ සමාගම විසින් ආනයනය කරන ලද තවත් ගෑස් ටැංකි දෙකක් ලබන බ්‍රහස්පතින්දා සහ සෙනසුරාදා ශ්‍රී ලංකාවට පැමිණේ.

ඒ අනුව ලිට්‍රෝ සමාගම විසින් දෛනිකව ගෘහස්ත ගෑස් සිලින්ඩර 120,000ක් මේ සතියේදී වෙළෙඳපොළට නිකුත් කිරීමට නියමිතයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *