එක්සත් රාජධානියේ පවතින අධික උණුසුම හේතුවෙන් ජාතික හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කර තිබේ.
බ්‍රිතාන්‍යයේ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් සඳුදා සහ අඟහරුවාදා දිනවල උපරිම උෂ්ණත්වය පිළිබඳ රතු අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබේ.
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන පරිදි රාත්‍රී කාලයේදී එය ඉතා උණුසුම් වන අතර නාගරික ප්‍රදේශවල උෂ්ණත්වය උපරිම මට්ටමට ළඟා වනු ඇත.
අධික උණුසුම පවතිනු ඇති බැවින් නිවෙස්වලින් පිටතට නොයන ලෙස ජනතාවට දැනුම් දී තිබේ.
අධික උෂ්ණත්වය හේතුවෙන් සඳුදා සහ අඟහරුවාදා පාසල් වසා ඇත.
2019 වසරේ කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයේ උද්භිද උද්‍යානයේ උපරිම උෂ්ණත්වය සෙල්සියස් අංශක 38.7ක් වාර්තා වී තිබීම විශේෂත්වයකි.